“ගමෙක හෝ ආරණ්‍යයක හෝ වළෙක හෝ ගොඩෙක හෝ වෙන කොයි යම් තැනක හෝ රහතන් වහන්සේ වැඩ වෙසෙන්නේ නම් ඒ භූමිය රමණීයයි. සිත්කළුයි. සුන්දරයි.”
ධම්ම පදයේ සඳහන් ගාථාවකින් හෙළිවන පරිදි යම් භූමියක් යථාර්ථයෙන්ම රමණීය වන්නේ රහතන් වහන්සේ වැඩ වෙසෙන බැවිනි. රාග ද්වේෂ මෝහ යන කිලිටි සහිත ලෝකය ඉක්මවූ ලෝකෝත්තර සුවයට පත්වූ ඒ මහරහතන් පරපුර රැකගෙන බුදු සසුනේ සැබෑ පණිවුඩය අනාගතයට ගෙන යාමට සුදුසුම තෝතැන්න හෙවත් කෙම්බිම අපට වස්තුවක් වූ සිතුල් පව්වයි.
රමණීයානි අරඤ්ඤාති
සත්ථ න රමනී ජනො
චීත රාගා රමෙසසන්තී
න තෙ කාම ගවෙසනො (අරහත්ත වග්ග ධම්ම පදය)
සත්ථ න රමනී ජනො
චීත රාගා රමෙසසන්තී
න තෙ කාම ගවෙසනො (අරහත්ත වග්ග ධම්ම පදය)
සිත් අලවන යම් අරණෙක් හි ලෞකික ජනතෙම සිත් නොඅලවන්නේද රහත්හු එහි ඇලෙන්නාහුය. ඒ රහත්හු කාමයන් නොසොයන බැවිනි. මෙහිදී දැක්වෙන චිතරාගී රමණීයත්වය දැකිය හැක්කේ එබඳුම තම ඇතුළත පිරිසුදුව පවත්වාගෙන යන ජනතාවකට ය.
මනුෂ්‍යත්වයේ අති උත්තරීතර පණිවුඩය නම් ප‍්‍රඥා ලෝකයෙන් සැබෑ තත්ත්වය දැක දුකින් නිදහස්ව විමුක්ති සුවයෙන් කල් ගෙවීමයි.
ඉපදීම, ලෙඩවීම, ජරාව, මරණය සහ සතර අපාගත තත්ත්වයෙන් මිදී අමරණීය නිවන් අවබෝධයටම යොමු කෙරෙන බණ භාවනා දාන මාන ශීල සමාධි ප‍්‍රඥා ගෝචර වූ දිවි පෙවෙතකින් බැවින් සිතුල් පව්ව එබඳු සමාජයක් නිර්මාණයට කැපවුණු අරහත් භූමියකි.
මහාවංශයට අනුව සිතුල්පව් විහාරය කරවන ලද්දේ රුහුණු පාලකයා වූ කාවන්තිස්ස රජතුමා විසිනි. ඒ කි‍්‍රස්තු පූර්ව වර්ෂ 161 ට පෙරදිය.
මෙම රජු විසින් කරවන ලද මහනුග්ගල නම් චෛත්‍යය වැඩ නිමවීමේ උත්සවයට සිතුල්පව් විහාරයෙන් දොළොස් දහසක් භික්ෂූන් සහභාගි වූ බවත්, වලගම්බා රජු කාලයේ එනම් කි‍්‍රස්තු පූර්ව 89 – 77 අතරතුර සිදුවූ බැමිනිටියා සාය නම් නියඟය නිසා එම භික්ෂූන් වහන්සේ පිරිනිවන් පෑ බවත් සඳහන් වේ.
මේ අනුව රහතුන් වහන්සේලා වැඩ සිටි සිතුල්පව් විහාරයට ජර බැහැර ප‍්‍රදේශවල සිට මිනිසුන් පැමිණ, පළමුවෙනි දින සිතුල්පව් විහාරයේම ගතකොට දෙවැනි දිනයේ ගෙවල් බලා ගිය බවද සඳහන් තොරතුරුවලින් පෙනෙන්නේ විහාරස්ථානය තුළ විශාල වශයෙන් රැස්වී බණ ඇසීමට, භාවනානුයෝගීව සිටීමට හා ධර්ම සිහියෙන් යුතුව කාලය ගතකිරීමට පහසුකම් තිබුණු බවයි.
ආර්ය මාර්ගයට එළඹි අර්හත් ඵල සමවත් සුවයෙන් සිටි භික්ෂූන් වහන්සේලාගෙන් ධර්ම ශ‍්‍රවණය කිරීමෙන්, සාමාන්‍ය ජනතාව සත්‍යාවබෝධයට පත්ව සාර්ථක ගෘහ ජීවිත ගත කළ බව නොරහසකි.
යෝධ නිර්මාණ, කලා කෘති මහා චෛත්‍යය, ගල් ගෙවල්, කළුගලින් නිමවන ලද යෝද විහාර කෘතීන් කිරීමට මෙන්ම, චිත්ත ධෛර්යයෙන් යුතුව කෘෂිකාර්මික හා ගෘහ කටයුතුවල යෙදීමට අවශ්‍ය පන්නරය දීමේ යෝධ සමාජ සද්කාර්යයට සිතුල්පව් විහාරයෙන් ලැබූ අනුබලය අපමණ ය.
සිතුල් පව්ව කවදත් අතොරක් නැතිව භික්ෂූන්ගෙන් පිරී තිබුණු බව විසුද්ධ මග්ගයේ ද ප‍්‍රපඤච සුදනිය නම් ග‍්‍රන්ථවල ද සඳහන් ය. විතරාගී, යථාවබෝධයට පත් ඒ පාරිශුද්ධ දිවි පැවැත්ම සියැසින් දුටු අපගේ පැරණි හෙළ විරුවන්ගේ අරුමය වර්තමාන සමාජයට ආදර්ශයකි.
මහසෙන් රජු සමයේදී (කි‍්‍ර. ව. 274 – 301) බුද්ධ ශාසනයට වූ අවැඩ දුටු සිතුල්පව් වාසී භික්ෂූන් වහන්සේ නමක් රාක්‍ෂ වේශයක් මවාගෙන බුදු සසුන රැකගැනීමට කටයුතු කළ පුවතක් ද සඳහන් ය.
සිතුල්පව් වාසී ස්වාමීන් වහන්සේගේ අධ්‍යාත්මික බලය චිත්ත ශක්තිය ආශ්චර්යමත්ය. විසුදවි මාර්ගය, මනෝරථ පූරණිය, සුමංගල විලාසිනිය සම්මෝහ විනෝදනි වැනි අටුවා ග‍්‍රන්ථවල දැක්වෙන්නේ ධර්මධර විනයධර ශික්‍ෂාකාමී රහත්ගුණවලින් යුත් භික්ෂූන් වැඩ සිටි බවයි.
එදා ලංකාවේ ධර්ම දේශක ස්වාමින් වහන්සේ පවා සිතුල්පව්ව ආශ‍්‍රයෙන් ඇති වූ බව පෙනේ. ධම්ම දින්නා මහරහතන් වහන්සේ එවැනි උත්තමයෙකි.
දුටුගැමුණු රජු කල වැඩ සිටි අන්තිම මහරහත් නම යැයි අදහස් කරන මලියදේව මහරහතුන් වහන්සේ ඡජක්ක සූත‍්‍රය දේශනා කළ විට හැට නමක් රහත් වූ බව ද සඳහන් ය.
සම්මෝහ විනෝදනියේ එන කථාවකට අනුව සිතුල් පව්වේ භාවනා කරන ස්ථාන වෙන වෙනම තිබූ බව සඳහන් ය. ඒවා භාරව භික්ෂූන් වහන්සේ ද රැසක් වැඩ සිටි බව කියවේ.
පීත කසීණය වැඩූ චිත්ත ගුත්ත තෙරුන් වහන්සේ දෙබිඩිගෙය විසූ චිත‍්‍ර තෙරුන් වහන්සේ දෙනම ධෛර්යය උපදවා රහත් ඵලයට පත්වූ බව සඳහන් ය. නොයෙක් පළාත් වලින් සිතුල් පව්වට බොහෝ දෙනා පැමිණියේ ධර්ම ශ‍්‍රවණය කිරීමටය.
එසේ පැමිණෙන අයට නවාතැන් පහසුකම්වලින් ද යුත් එදා සිතුල් පව්ව කොතරම් පහසුකම්වලින් යුත් ලංකාවේ ප‍්‍රධානම විහාරයක් වූවාදැයි සිතා ගත හැකිය.
එසේ පැමිණ බණ අසද්දී තම පුත‍්‍රයා සර්පයෙකු දෂ්ට කර ඇති බවත් සත්‍ය කි‍්‍රයා බලයෙන් සුවපත් කර ගැනීමට මවට හැකි වූ බව මනෝරථ පූරණි අටුවාවේ සඳහන් ය.
මෙම ධර්මයේ සත්‍ය බලය පිළිබඳව නූතන විද්වතුන්ගේ ඇසට ලක්විය යුතු කාලය එළඹ ඇත. භික්ෂූන් වහන්සේලා පමණක් නොව භික්ෂූණීන් වහන්සේලා ද සිතුල්පව්ව වැඩි බවට සාක්‍ෂි ඇත.
සමන්ත පාසාදිකාවේ සඳහන් වන්නේ (86 පිටුව) එක එක දොරටුවකින් ඇතුළු විය හැකි දාන ශාලා හතරක් තිබූ බවයි. එදා සිතුල්පව්වේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාගේ ප‍්‍රමාණය පිළිබඳවත් සංඝාවාසයේ විශාලත්වය ගැනත් සිතා ගැනීමට එය කදිම සාක්‍ෂියකි.
කරුණාරත්න ඉලේපෙරුම
ලස්සනයි මචෝ ............මහනවෙලා වත් හිටියද ම් ම් ම්
ReplyDeleteමගෙන් සුභ පැතුම් තවත් දේවල් ලියන්න....
හරිම ලස්සනයි
ReplyDeleteNiyamai,api nodanna amataka wecchcha ape uruma me widiyata elidakwana eka gana harima satutui...
ReplyDeletekiyawanna asai.thawa liyanna,samaja sathkarayak
ReplyDelete