"මගේ අදහසක් තිබුණා භාවනා මධ්‍යස්‌ථානයක් හදන්න. ඒකට සුදුසු ස්‌ථානයක් සොයමින් සිටින විට හොරණ, කහටපිටිය, කනන්විල අක්‌කර 20 ක පමණ වන මෙම භූමි භාගය පිළිබඳ මම දැනගත්තා. ඉන්පසු මෙම ඉඩමේ අයිතිකරුගෙන් එම ඉඩම අරගෙන 1993 දී සියලු පහසුකම්වලින් යුක්‌තව මෙම භාවනා මධ්‍යස්‌ථානය ආරම්භ කළා. අක්‌කර 20 ක වපසරියක මෙම භූමියට අයිතියි. මෙයට දෙකඳුවල කියන නම ලැබුණේ දෙපසින් තිබෙන කඳු දෙකක් මැද පිහිටි බිමක් නිසා. අපි 1994 සිට මෙහි විවිධ දහම් පුහුණු වැඩසටහන්, භාවනා වැඩසටහන් පවත්වනවා. ඒ අතර තිබෙන විශේෂ වැඩසටහන තමයි තාවකාලික පැවිද්ද ලබාදීමේ වැඩසටහන. 2003 මුලින්ම ආරම්භ කළ මෙම වැඩසටහනේ මේ වසරේ තාවකාලිකව පැවිදි වූ අන්තිම කණ්‌ඩායම අද උපැවිදි වෙනවා" යෑයි විමලජෝති හිමියෝ අපව දැනුවත් කළහ. රමණීය කඳුදෙකකට මැදිව පිහිටි දෙකඳුකවල දහම් පුහුණු භාවනා මධ්‍යස්‌ථානය සැබෑ සොබා සෞන්දර්යයෙන් පිsරිපුන් භූමියකි. කිරම විමලජෝති හිමියන් මෙය අංගසම්පූර්ණ බොදු පුද බිමක් බවට පත් කර ඇත. මෙහි පැමිණෙන ඕනෑම අයකුගේ සිත් නිවා සැනසීමට මෙහි සොබා සෞන්දර්යය සමත්ය. මෙහි පාතැබූ තැන් පටන් මා සිතද නිරාමිස ප්‍රීතියකින් පිරී යනු මට දැනේ. අප තවත් ඉදිරියට ගියෙමු. ඒ සමගම අප දුටුවේ සිත් පහන් කරන්නා වූ දසුනකි. ඉතා ශාන්ත ගමනින් වැඩම කරනා භික්‌ෂුන් වහන්සේලා පිරිසකි. ඒ කිරම හිමියන් අපට පැවැසූ තාවකාලික පැවිද්ද ලැබූ කණ්‌ඩායම විය. අප සිටි ස්‌ථානවලින් මඳක් ඉවත්ව උන්වහන්සේලා වැඩම කරන මඟ හෙළි පෙහෙළි කළෙමු. "දහවල් දානයට වඩිනවා වෙන්නැති" මා සමග සිටි මාධ්‍ය සගයකු පැවැසීය. එය නිවැරැදිය. උන්වහන්සේලා වැඩම කළේ දහවල් දානය වැළඳීම පිණිය දානශාලාව වෙතය. අප ඒ පසුපස වැටුණෙමු. දානශාලාව වෙත උන්වහන්සේලා ළඟාවත්ම සාදු නදින් මුළු පරිසරයම ගිගුම් දුණි. උවසු උවැසියෝ ලහි ලහියේ දානමාන කටයුතු සඳහා සූදානම් වෙති. ඒ අතර දාන ශාලාවෙන් මෙපිට සිටින එක් උවැසියෙක් අර ඉන්නෙ අපේ හාමුදුරුවෝ යෑයි පැවැසුවාය. මම ඇයට මඳක් ළං වූයෙමි. ඇගේ දෙනෙතෙහි කඳුළුය. ජීවිතයේ සැඳෑ සුවය විඳිමින් සිටින ඒ මව වෙත මම ළංවුණෙමි. අම්මගෙ කවුද මහණ වෙලා ඉන්නෙ? මගේ මහත්තයා. අපි කෑගල්ලෙ. මම පුෂ්පා ධර්මසේන. මහත්තයගෙ නම බී. ධර්මසේන. එයා විශ්‍රාමික බැංකු නිලධාරියෙක්. අපිට පුතාල දෙදෙනෙක් ඉන්නවා"කොහොම මේ තාවකාලික පැවිද්ද ගැන දැනගත්තේ? යාලුවෙක්‌ගෙ මාර්ගයෙන්.මහත්තයා මේ විදිහට මහණවෙන කොට භය හිතුණේ නැද්ද? නැහැ. අපි දෙදෙනා දැන් ජීවිතය ගොඩක් වෙලාවට ගෙවන්නෙ ආගමික කටයුතු සමගයි. ඒ නිසා සතුටක් මිසක් භයක් දැනුනේ නැහැ. මහත්තයා ගෙදර නැති දවස්‌වල පාලුවක්, දුකක් දැනුනේ නැද්ද? දැනුණා. මුල් දවස්‌වල සමහර දවස්‌වල ඇඬුවා. ඒත් යාලුවෙක් මගේ හිත හැදුවා. අද මහත්තයා කහ චීවරයක් දරාගෙන සිටිනවා දකිද්දී මොන වගේ හැඟීමක්‌ද දැනෙන්නෙ?හරිම සතුටුයි. මගේ ඇස්‌වලට කඳුළු ආවා. (ඒ මොහොතේද ඇගේ දෙනෙතින් කඳුළු ගලනු මම දුටුවෙමි) මේ ලැබුණු මිනිස් ජීවිතයෙන් යන තැනකට හොඳක් කරගන්න මේ නිසා මහත්තයාට ඉඩ ලැබුණා. මහත්තයා දිගටම මහණදම් පුරන්න ඔබෙන් අවසර ඉල්ලුවොත්?මගේ කිසිම අකමැත්තක් නැහැ. අපි දෙන්නා මේ වෙන කොට ගිහි ජීවිතයේ හුඟක් වගකීම්වලින් නිදහස් වෙලා ඉන්නෙ. ඒ නිසා ඒකට එයාට කිසිම බාධාවක් නැහැ. අති ධාවනකාරී වූ ජීවන තරගයේ විවිධ කඩඉම් පසු කරමින් ජීවිතයේ සැඳෑ සමය ආධ්‍යාත්මිකව සුවපත් කර ගැනීම සඳහා දහමේ සුව සොයන තම සැමියාට සැබෑම අත්වැලක්‌වී සිටින ඒ මෑණියන් බුදුන් කල සිටි නකුල මාතාවදැයි මට සිතිණි.මා නැවතත් දාන ශාලාව දෙස නෙත් හෙළීමි. එහි දුර්ලභ දසුනකි. භික්‌ෂු, භික්‌ෂුණී, උපාසික උපාසිකා යන සිව්වනසක් පිරිසම එකම දන් හලකය. ඒ අතර විදෙස් ජාතික උපසම්පදා භික්‌ෂුණීන් වහන්සේලා දෙනමක්‌ද වැඩ සිටියහ. භික්‌ෂුණි ශාසනය පිළිබඳ වර්තමානයේ විවිධ වාද විවාද තිබේ. ඒ කෙසේ වුවද දෙකඳුවල භාවනා පුහුණු මධ්‍යස්‌ථානයේ සියලු ආගමික කටයුතු භාරව සිටිනුයේ භික්‌ෂුණින් වහන්සේලාය. දාන ශාලාවේ කටයුතු සිව්වනක් පිරිසගේ එකතුවෙන් සිදුවෙමින් පවතී. මම එම ස්‌ථානයට පැමිණ සිටි තවත් අයෙක් වෙත ළංවුණෙමි. ඔහු නමින් ගාමිණී ෙµdන්සේකාය. පස්‌යාලේ සිටි පැමිණ ඔහුගේ බාල පුතු මෙහි තාවකාලික පැවිද්ද ලබා සිටියේය. මේ ඔහුගේ අදහස්‌ය. "මේ මහණ වෙලා ඉන්නෙ මගේ බාල පුතා. ඔහුට අවුරුදු 31 යි. බුද්ධ චීවරයක් දරන්නටත් පෙර පිං තිබෙන්න ඕන. මගේ පුතාට ඒ පින තිබුණා. මට හරිම සතුටුයි පුතා බුද්ධ චීවර දරාගෙන ඉන්නවා දැක්‌කාම. ඔහුට දිගටම චීවරයේ ඉන්න ඕනෑ යෑයි පැවැසුවොත් මගේ සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා." වල්මත්වූ සමාජ ක්‍රමය තුළ දූෂිත වී සිටින තරුණ දූ පුතුන් පිළිබඳ ඇතැම් දෙමව්පියන් දිවා රෑ සුසුම් හෙළනු අප දැක අසා ඇත්තෙමු. එහෙත් මේ පියාණන් කෙතරම් වාසනාවන්තද? ජීවිතයේ සැබෑ හරය සොයා යන්නට තම බාල පුතු තෝරාගෙන ඇති මාර්ගය පිළිබඳ ඔහුට ඇත්තේ නොනිම් සතුටකි.
"ඉමං භික්‌ඛං මතක වතතං භික්‌ඛු සංඝස්‌සදේන..." ඉතා මිහිරි හඬින් මෑතින් ඇසේ. එහෙත් එහි මොකක්‌දෝ නුහුරු, නුපුරුදු බවක් මට දැනේ. මා නැවත දාන ශාලාව වෙත නෙත් යොමු කළෙමි. මා නිවැරැදිය. ඒ නුහුරු බව වෙන කිසිවක් නිසා නොව එය සඡ්ජායනා කළේ භික්‌ෂුණීන් වහන්සේ නමක් වීම නිසාය. දහවල් දානමය පිංකමේ කටයුතු අවසන් වෙමින් පවතියි. සියලු ආගමික වතාවත්වලින් පසුව භික්‌ෂුන් වහන්සේලා නැවත තම කුටිවලට වැඩම කළහ. එළැඹෙන්නේ තවත් සුවිශේෂී වූ මොහොතකි. ඒ දින දහහතරක් පුරාවට අර්හත් ධජය දරාගෙන සිටි මෙම සාමණේර හිමිවරු සියලු දෙනා සිවුරු හැරීමයි. තව සුළු මොහොතකින් ප්‍රසිද්ධියේ භික්‌ෂුන් වහන්සේලා පසළොස්‌නමක් සිවුරු හැරීමට නියමිතය. ඊට පෙර මේ එක් භික්‌ෂුන් වහන්සේ නමක් සමග හෝ කතා කළ යුතුය. මට ඒ සඳහා අවස්‌ථාව උදාවිණි. ඔබ වහන්සේගේ නම?නිවන්දම උපාලි. මගේ වයස අවුරුදු හතළිස් එකයි. මම රැකියාව වශයෙන් පාසල් ළමුන් ප්‍රවාහන සේවය කරන්නෙක්. ඇයි මේ වගේ පැවිදිවෙන්න හිතුණේ?පුංචි කාලේ ඉඳලම ධර්මය ඉගෙන ගන්න ලොකු ආශාවක් තිබුණා. ඒ නිසා මේ තාවකාලික පැවිද්දට යොමුවුණා. මෙහි සිටිය දින 14 තුළදී ගෙදර දරුවන්, බිරිඳ මතක් වුණේ නැද්ද? නැහැ. මෙහි තිබෙන ශාන්තදායක පරිසරය කිසිවිටෙකත් වෙනත් බාහිර දේවල් කෙරෙහි සිත යොමු කරවන්නෙ නැහැ. ඒ වගේම මෙහි ක්‍රියාත්මක වන වැඩසටහන නිසා කිසිදු අයුරකින් වෙනත් කිසි දෙයක් ගැන සිතන්න වෙලාවක් නැහැ. ජංගම දුරකථන භාවිත කරන්නවත්, රූපවාහිනිය නරඹන්න, පුවත්පත් බලන්න තහනම්. උදේ 5.00 අවදි වී මෛත්‍රිය භාවනාවෙන් ආරම්භ වන දවස අවසන් වන්නේ රාත්‍රි 10.00 මෛත්‍රී භාවනාවෙන්. ඒ අතර විවිධ වැඩසටහන් තිබෙනවා. තව මොහොතකින් ඔබ උපැවිදි වෙනවා. නැවත ඔබ පරණ ජීවිතයට පිවිසෙනවා. මේ තාවකාලික පැවිද්ද ඔබේ ජීවිතයට මොන වගේ බලපෑමක්‌ද කළේ?ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න ඕන කොහොම ද කියන එක අවබෝධ වුණා. මේකෙන් ලැබුණ ශික්‌ෂණය මගේ ගිහි ජීවිතය වඩා සාර්ථක කර ගැනීමට හුඟක් ඉවහල් වේවි. උන්වහන්සේ මගෙන් ඉක්‌මනින් සමුගත්තේ ඊළඟට යෙදෙන උපැවිදි වීමට කාලය පැමිණ ඇති නිසාය. මොහොතක් ගතවිණි. අප මෙහි පැමිණෙන විට කසාවතින් සැරසී දනට වැඩි භික්‌ෂුන් වහන්සේලා සුදුවතින් සැරසී සන්සුන් ගමනින් අවසාන වශයෙන් ආගමික වතාවත් පැවැත්වෙන ස්‌ථානය කරා ගමන් කරමින් සිටිති. ඔවුහු දැන් උපැවිදි වී සිටිති. මීට මොහොතකට පෙර වැඩම කළ ඔවුහු දැන් ගමන් කරති. මෙවර තාවකාලික පැවිද්ද ලැබූ පිරිසේ අතර බොහෝ දෙනකු ජීවිතයේ සැඳෑ සමය ගෙවන්නෝය. ඒ අතර සිටි තරුණයකු තම අත්දැකීම් මෙසේ විස්‌තර කළේය.
"මම සුජීව තිලංක. මගේ වයස අවුරුදු තිස්‌එකයි. වෘත්තියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. මගේ හිතේ පුංචි කාලයේ ඉඳලම මහණවීමේ ආශාවක් තිබුණා. ඒත් එයට ගෙදරින් කැමැති නැහැ. ඒ නිසා මම හිතුවා මේ විදිහට තාවකාලිකව හෝ මහණ වෙන්න ඕන කියල. පැවිදි ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබාගන්න මේක හොඳ අවස්‌ථාවක් නිසා"සිවුර මුලින්ම ඇඟට දාගත්ත වෙලාවේ මොකක්‌ද දැනුන හැඟීම? මම ඔහුට බාධා කළෙමි. ශාරීරික වශයෙන් ගත්තාම ලොකු වෙනසක්. කොණ්‌ඩය කොටට කපලා තිබුණ නිසා සෙම වගේ ඇතිවුණා. ඒ වගේම ඇඳුම වෙනස්‌ම එකක්. ඒත් ඒ සියලු දේවල් ධර්මයත් එක්‌ක ගත කරද්දී දැනුනේ නැහැ. සමහර වෙලාවට ගෙදර මතක්‌වුණා. ඒත් මෙහි තිබෙන වැඩසටහන් එක්‌ක දවස ගතවද්දී බාහිර සියලු දේවල් අමතක වෙනවා.
"මේකෙන් ඔබේ ජීවිතයට ලැබුණේ මොනවාද?"
"ගැටීම්, ඇලීම් නිසා තමයි මේ ලෝකයේ හැම දේම ඇතිවෙන්නෙ. ඒ නිසා මේ ගැටීම්, ඇලීම් අවබෝධ කර ගනිමින් ජීවිතය මැද මාවතක් ඔස්‌සේ ගත කරන්න ඕන කොහොම කියන දේ මම මෙයින් ලබාගත්තා"සුඛය පමණක් ජීවිතයේ පරම නිෂ්ටාව කරගත් වර්තමාන තාරුණ්‍යයට මෙවැනි තරුණයන් ආදර්ශසම්පන්නය. යහපත් දැක්‌මකින් යුත් මොවුහු ජීවිතයේ නියම සුව විඳින්නෝය. එවැනි තාරුණ්‍යයකට මඟ පාදන මෙවැනි වැඩසටහන් සඳහා මඟ පෙන්වන කිරම විමල ජෝති හිමියන් සැබෑම බුද්ධ පුත්‍රයෙකි. තාරුණ්‍යය පමණක් නොව විවිධ වයස් කණ්‌ඩායම්වල, විවිධ තරාතිරම්වල පිරිස් ද දෙකඳුවෙල භාවනා පුහුණු මධ්‍යස්‌ථානයේ තාවකාලික පැවිද්ද ලබා අද යහපත් ගිහි ජීවිත ගත කරන බවට අපට හෙළි විය. ජීවිතයේ කෙනකුට වරක් හෝ අර්හත් ධජය දරන්නට හැකි නම් එය මහත් වූ භාග්‍යයකි. බොහෝ බැඳීම්වලින් පිරි ගිහි ජීවිතයෙන් මඳකට හෝ මිදී ජීවිතයේ නිරාමිස සුව ලබන්නට තාවකාලික පැවිද්දෙන් ලැබෙන පිටුබලය සුවිශේෂීය. තායිලන්තයේ සෑම පිරිමියකු අනිවාර්යයෙන් මහණදම් පිරිය යුතුමය. ඉන් බලාපොරොත්තු වනුයේ විනයවත්, ගුණගරුක මිනිසකු බිහි කිරීමය. එනිසා කිරම විමලජෝති හිමියන්ගේ මෙම තාවකාලික පැවිද්ද ලබාදීමේ වැඩපිළිවෙළද පිළිබඳව මීට වැඩි සමාජ අවධානයක් යොමුවිය යුතු බව අපගේ හැඟීමයි. ශාසනයේ පිළිගත් ක්‍රමයට අනුව කෙටි කාලයකට පැවිදි බව ලබාදීම මෙම තාවකාලික පැවිද්දේදී සිදුවේ. කෙටි කාලයකට වුවද පැවිද්දෙහි කිසිදු වෙනසක් හෝ අඩුපාඩුවක් නොමැත. කාලය දින 14 කි. ආමිෂ පූජාවන් පැවැත්වීම, ප්‍රතිපත්ති පූජාවන් පැවැත්වීම සහ ධර්ම කරුණු ඉගැන්වීම මෙම කාල සීමාවේදී සිදුකෙරේ. රාස්‌සිගේ අව්ව දෙකඳුවල සිපගෙනය. සිල් සුවඳ පිරි දෙකඳුවෙල පිස හමායන මඳනල බවුන් වඩන්නන්ට කරන ආරාධනාවක් මෙනි. මා හට ධම්මපදයේ එක ගාථාවක අරුත සිහිපත් විය. ඒ "එකඟ සිත් නැති දුස්‌සීලයකු වසර සියයක් ජීවත් වෙනවාට වඩා උසස් සීලයක පිහිටා එකඟ සිත් ඇතිව එක දවසක් ජීවත්වීම උතුම්ය". ඉඳින් මේ පිං භූමිය බිහිකරනුයේ එවැනි උතුම් සිල්වත් මිනිසුන් නොවේද?
දුරකථන : 034 4286334
මේ සඳහා යොමු වෙන්න මගෙත් ලොකු කැමැත්තක් තිබෙනවා...
ReplyDeleteබොහොම හොදයි හසිත. ඒ වගේ සිතුවිල්ලක් එන්නත් ගොඩක් පින් කරන්න ඔනෙ කියලයි මට හිතෙන්නෙ...ඔයාට බුදු සරනයි...
Deleteදුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්ද බුදු සරණයි !
Deleteමේක වැඩිය ප්‍රසිද්ද කරන්න එපා අපේ පණ්ඩිතයෝ මොකක්හරි අදක් හොයාගෙන එතනත් විනාශ කරලා දාවි.
ReplyDeleteමා හටද මේ සදහා යොමු වීමට අදහසක් තිබෙනවා.කාන්තාවක් වශයෙන් මට ඒ උතුම් අවස්තාව ලබා ගත හැකි ද?
ReplyDeleteසතියක් විතර නතර වෙලා මෙහෙණින් වහන්සේලාට ඇප උපස්ථාන කරන්න පුළුවන් කමක් තියනවනම් ගොඩක් කැමතියි. අවස්ථාව වක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් පිං
ReplyDeleteමෑණියනි,මම කැමතියි මේ ගිහිජීවිතෙන් මිදිලා පැවිදි වෙන්න.
ReplyDeleteමෑණියනි මම දැනට පුද්ගලික ආයතනයක සේවය කරනව.ජීවිතෙ ගැටලු ගොඩක් තියනවා.ඉවසන්න හරිම අමාරුයි.මට කේන්ති යනවා.මම කැමති බාවනාවට හිත යොමු කරන්න .මම අවස්තාව ලබා දෙන්න මැණියනි.
ReplyDeleteදුරකථන අන්කයක් ලබා දෙන්න පුලුවන්ද,ඇප උපස්තාන කිරීමට කැමැත්තෙමි.
ReplyDeleteගරු මෙහෙණින් වහන්ස මගේ ස්වාමියා මිය ගොස් වසර 8 කි.මා තනියම ජීවිතය වෙමි .දරුවන් නැත සොයුරු සොයුරියන් සිටී ඉන්න තැන ජීවත් වෙන්න ආදායම් මොනදේ තිබුනත් කිසිවකින ස්තුටක්
ReplyDeleteමා හට පිහිට වන්න මෑණියන් වහන්ස
ReplyDeleteපිo සිද්ද වෙයි .
මට පිහිට වෙන්න මෙහෙනින් වහන්ස.....
ReplyDelete