Saturday, August 25, 2012

සිත් නිවන රැස්වෙහෙර


දේවානම්පියතිස්‌ස රජු විසින් ශ්‍රී මහා බෝධිය වැඩම කිරීමේ පසු හටගත් දෙතිස්‌ ඵල බෝධින් ලංකාව පුරා රෝපණය කර ඇත. එසේ වැඩම කරවන ලද බෝධින් වහන්සේ නමක්‌ මෙම රැස්‌වෙහෙර පුරාණ විහාරස්‌ථාන භූමියේ රෝපණය කිරීමේදී රැස්‌ විහිදීම නිසා රැස්‌වෙහෙර යනුවෙන් ව්‍යවහාරයට පත්වූ බවටද විශ්වාසයක්‌ ඇත.
පවතින තවත් ජනප්‍රවාදයක්‌ වන්නේ මෙහි පිහිටි හිටි පිළිමය ගල ඇතුළට සැහැලා (හාරා) සැදූ නිසා සැහැලා කළ රුව බැවින් "සැස්‌සේරුව" යන නම පසුව භාවිත කළ බවයි.
ගල්ගමුවේ සිට ඇහැටුවැවට පැමිණීමෙන්ද, කුරුණෑගල, ඉබ්බාගමුවට පැමිණ මඩගල්ල පාර ඔස්‌සේ ගල්නෑව, අවුකන යන මාර්ගයෙන්ද රැස්‌වෙහෙර විහාරස්‌ථානයට පැමිණිය හැක.

මෙම විහාරයේ ඉතිහාසය ආරම්භ වන්නේ ක්‍රි.පූ. 3 වැනි සියවසේ සිටය. දේවානම්පියතිස්‌ස රජු සමයෙන් පසු වල්බිහිවී විනාශයට පත් රැස්‌වෙහෙර යළිත් පිරිසකර කර නැවත දියුණුවක්‌ ඇති වන්නේ වළගම්බා රජු සමයේදීය.
අතීතයේදී මෙම පුද බිමෙහි ලෙන් 99 ක්‌ පැවැති අතර කුඩා කන්ද සහ මහා කන්ද ලෙස හඳුන්වා තිබේ. බෙල් මහතාගේ වාර්තාවේදී මෙම විහාරයේ පුරාවිද්‍යාත්මක ස්‌ථාන පිළිබඳව සඳහන්ව පවතී. ලෙන් විහාරයක්‌ ලෙස ප්‍රකට මෙහි ක්‍රි.පූ. දෙවැනි හා පළමුවැනි සියවස්‌වලට අයත් සෙල්ලිපි 24 ක්‌ දක්‌නට ලැබේ. මුල් කාලයේදී මෙම ලෙන් විහාරවල රහතන් වහන්සේලා වැඩ සිටි අතර පසුව විහාරාරාම බවට පත්වූ බව පෙනේ. මෙම ලෙන් අතරින් එක්‌ ලෙනක්‌ වළගම්බා රාජ්‍ය සමයට අයත් බව පෙනේ.
මෙම විහාරයේ පුනර්ජීවයක්‌ ඇතිවන්නේ මහනුවර රාජධානි සමයේදීය. නායක්‌කාරවරයකු ලෙස බලයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.. 1747-1982) විසින් ජරාවාසයට පත්ව තිබූ මෙම විහාරය නැවත පිළිසකර කර ඇත.
රැස්‌වෙහෙර විහාරස්‌ථානයේ සිත් නිවන ප්‍රධානතම අපූර්ව නිර්මාණය වන්නේ සුවිසල් ගල්තලාවක නෙලන ලද අඩි 38 ක්‌ සහ අඟල් 10 ක්‌ උස හිටි පිළිම වහන්සේය. සුප්‍රකට අව්කන බුදු පිළිමය හා බෙහෙවින් සමානකමක්‌ ඇති රැස්‌වෙහෙරේ මේ බුදුපිළිමය පිළිබඳව ගෙතී ඇති ජනප්‍රවාද රැසකි.
ඉතිහාස කරුණු අනුව කිව හැක්‌කේ මේ ප්‍රතිමා වහන්සේ මහසෙන් රජුගේ කාලයේ කළ බවයි. ක්‍රි.. 247 දී පමණ මෙම ප්‍රතිමාව අභයගිරි පාර්ශ්වයේ ස්‌වාමින් වහන්සේ නමකගේ උපදෙස්‌ අනුව නිර්මාණය කර ඇත. මෙම පිළිමයේ ඇත්තේ මහායාන ලක්‌ෂණය.
පිළිමයේ සිවුරු අතරින් බුදුන්ගේ පහළ කොටස විනිවිද පෙනෙන අයුරින් නිර්මාණය කර තිබීමෙන් ප්‍රතිමාවෙන් දිස්‌වන්නේ අභය මුද්‍රdවයි.

කෙසේ වුවත් මෙම පිළිsමය අව්කන පිලිමයට වඩා අඟල් 6 ක්‌ උසය. අව්කන පිළිමය අඩි 38 යි අඟල් 4 කි.
මෙම පිළිමයේ වැඩ නිම කිරීමට පෙර මහසෙන් රජු මියගොස්‌ ඇත. ඉන්පසු රජ බවට පැමිණි මේඝවර්ණ රජු මෙම පිළිමය ඉදිකර නොමැත. ඊට හේතුව වී ඇත්තේ තම පියා මහායානය වැළඳගත් නිසා විය හැකිය.
ලංකාවේ පැරැණි හිටි පිළිමය ලෙස නම් කළ හැකි රැස්‌වෙහෙරේ මේ පිළිම වහන්සේගේ දකුණු කණ නිර්මාණය කර අවසන් කර නොමැත. මෙයින් හැඟවෙන්නේ ප්‍රතිමාව නිර්මාණය කිරීම අතරමඟ නැවතී ඇති බවයි.
එමෙන්ම අව්කන බුදුපිළිමය පියුම් මත බුදුන්වහන්සේ වැඩ සිටින ආකාරය දක්‌නට ඇතත් සැස්‌සේරුව පිළිමයේ එම පියුම් දක්‌නට නොමැත.

ඊට අමතරව සත් පිළිම විහාරය මහා විහාරය දක්‌නට ලැබේ. විශේෂයෙන්ම මහා විහාරයේ මුල් යුගයට අයත් සඳකඩපහණ සහ කොරවක්‌ගල් පවතී. ලෙන ඉදිරියේ මහනුවර යුගයට අයත් ආලින්දයකි. මෙම විහාරයෙහි ඇතුළත මීටර් 12 ක්‌ පමණ දිගැති සැතපෙන බුදුපිළිමයක්‌ වේ. ඊට අමතරව හිඳි පිළිම සහ දේව රූපද දක්‌නට ලැබේ.
මෙම විහාර අභ්‍යන්තරයේ කුඩා චෛත්‍යයක්‌ද දක්‌නට ඇත. විශේෂයෙන්ම මහනුවර යුගයේ පිළිම නෙලීමේදී හිසට ඉහළින් මකර තොරණ නිරූපණය කිරීම මෙහිදී දක්‌නට ලැබේ. මහනුවර යුගයට අයත් අගනා චිත්‍රයක්‌ද මෙහි විදහා පෙන්වා තිබේ.

2 comments:

  1. godak wedagath thorathuru thiyenawa malli.mama godak dewal igena gaththa.thanks.meka jathika sewayak.jaya.

    ReplyDelete
  2. 2022:12:25 රැස්වෙහෙර ,බෝධින් වන්දනා කලෙමි.

    ReplyDelete