Tuesday, August 28, 2012

බෞද්ධ ස්ථූප පුරාණය


බෞද්ධ විහාරස්ථානයක ඇති විහාරාංග අතර මුල් තැන හිමිවන්නේ ස්ථූපයටයි. ස්ථූපය, බෝධීන් වහන්සේ හා බුදු මැදුර යන ප්‍රධාන විහාරාංග අතරින් වන්දනා මාන කරන්නන් විසින් මුලින්ම වන්දනා කරනු ලැබිය යුත්තේ ස්ථූපය හෙවත් චෛත්‍යයටයි. සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කර ඇති බැවින් එසේ වන්දනා කළ යුතු වෙයි. සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් නොකළද එසේ චෛත්‍යයට මුලින් වන්දනා කිරීම බොදු සිරිතකි. ස්ථූපයට දාගැබ යන්නද යෙදේ. ධාතු ගර්භය යන අර්ථයෙනි

භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ස්මාරකයට ස්ථූප, ථූප යන වචන යෙදී ඇත. මෙවැනි ස්ථූප වර්ග පහක් පිළිබඳ 14 වැනි සියවසේ ලියැවී ඇති සද්ධර්ම රත්නාකාරය නම් ග්‍රන්ථයේ සඳහන් වේ. 1. ශාරීරික ධාතුන් සහ භෂ්මාවශේෂ තැන්පත් කළ චෛත්‍යය.
2. බුදුන් වහන්සේ පරිභෝග කළ පාත්‍රා ධාතුව වැනි පාරිභෝගික ධාතු තැන්පත් කර ඇති චෛත්‍යය,
3. ධර්මය තැන්පත් කර ඇති චෛත්‍යය.
4. බුදු, පසේ බුදු, මහරහත් හා සක්විති රජුන් වෙනුවෙන් තැනූ ස්මාරක,
5. පාංසුකූල වස්තූන් 23 න් එකක් ලෙසද චෛත්‍යය සැලකිය හැකි බව අංගුත්තර නිකායේ සඳහන් වේ.  
බෞද්ධ ස්ථූප සියලුම බුදුන් වහන්සේ වෙනුවෙන් තනවන්නට ඇතැයි සැලකේ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ උදෙසා තැනූ චෛත්‍යයකට කේතකී මල් (වැටකොළු මල්) කිහිපයක් රැගෙන ශ්‍රද්ධාවෙන් ගිය කාන්තාවක එළදෙනක විසින් අනිනු ලැබ මියගොස් දෙව්ලොව උපත ලද බව විමානවත්ථු කතාවක සඳහන් වේ. අතීත අත්බැවෙකදී වැලි වලින් තනන ලද චෛත්‍යයකට ප්‍රසාද සිතින් වැඳීමේ පිනෙන් කල්ප තිහක් පුරා දුගතියක නොඉපිද සුගති ලෝකවලම උපත ලබා අවසන් අත්බවේදී ගෞතම බුදුසසුනේ ‘පුලින ථූපිය’ මහ රහතන් වහන්සේ නමින් ප්‍රකටව සිටි බවද සඳහන් වේ. මිහිරි කටහඬ ඇති භික්‍ෂූන් වහන්සේ අතර අග්‍ර තනතුර හිමි වූ ‘ලකුණ්ටක භද්දිය’ මහ රහතන් වහන්සේ ශරීර ස්වභාවයෙන් මිටි ස්වරූපයක් ගනී. ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ අතීතයේ වැඩ සිටි බුදුන් වහන්සේ කෙනකු උදෙසා චෛත්‍යයක් තැනවීමේදී එම චෛත්‍යය කුඩාවට තැනීමට යෝජනා කිරීම බව සඳහන් වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම සැරියුත්, මුගලන් මහරහතන් වහන්සේ දාරුචීරිය මහරහතන් වහන්සේ හා ප්‍රජාපතී ගෝතමී තෙරණින් වහන්සේ ආදී රහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ තැන්පත් කොට චෛත්‍ය තනා ඇත. බුදුන් වහන්සේ කුසිනාරා නුවරට වඩින විට විසාලා මහනුවර ගෝතමක චේතිය, සත්තිගුම්භ චේතිය සහ උදේනි චෛත්‍යයන්, පිළිබඳ වර්ණනාත්මකව දේශනා කර ඇත. උන්වහන්සේ ඉන් තෙමසකින් පසු පිරිනිවන් පාන බව ප්‍රකාශ කරනු ලබන්නේ චාපාල චෛත්‍ය අසලදී ය


සතර දෙනෙකුන් උදෙසා චෛත්‍ය තැනිය යුතු බව මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වේ. බුදු, පසේ බුදු, මහරහත් උතුමන් වහන්සේ හා සක්විති රජු වෙනුවෙන් චෛත්‍ය තැනීමට සුදුසු බව බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කළහ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ බමුණා විසින් බෙදන ලද සර්වඥ ධාතූන් ලබාගත් රජවරුන් විසින් ඒ ඒ ප්‍රදේශවල සර්වඥ ධාතු නිදන්කොට චෛත්‍යයන් තනවන ලදී. ධර්මාශෝක රාජ්‍ය සමයේ දී චෛත්‍ය, වන්දනාව ඉතාම ජනපි‍්‍රයව පැවැති බව සඳහන් වේ. එම රජු විසින් අසූහාර දහසක් චෛත්‍යයන් කරවූ බවද ඓතිහාසික වාර්තාවල සඳහන් වේ. දඹදිව පැවැති චෛත්‍ය අනුව මිහිඳු මහරහතන් වහන්සේගේ, අනුශාසනා පෙරදැරිව ඇරැඹි ශ්‍රී ලංකාවේ ස්ථූප නිර්මාණය අප රටට ආවේණික ලෙස විවිධ වෙනස්කම් සහිතව විකාශනය වූ බව පෙනේ. ශ්‍රී ලංකාවේ ඓතිහාසික වශයෙන් පැරැණිම චෛත්‍යය ථූපාරාමය ලෙස සලකයි. මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම ගෙන ඒමෙන් පසු තනවන ලදී. ඓතිහාසික වැදගත්කම අනුව ථූපාරාමය පැරැණි වුවද, මහියංගන දාගැබ හා ගිරිහඬු සෑය ඊට බොහෝ කලකට පෙර තනවන්නට ඇතැයි විශ්වාස කෙරේ. ථූපාරාමය තනවන ලද්දේ දේවානම්පියතිස්ස රජතුමා විසිනි. ඉන් පසු උත්තිය රජතුමා විසින් මිහින්තලේ අම්බස්ථල චෛත්‍ය කරවන ලදී. දුටුගැමුණු රජතුමා තැනවූ රුවන්මැලි මහා සෑයෙන් මහාථූප තැනීම ඇරැඹෙයි. වළගම්බා රජතුමා, තැනවූ අභයගිරිය හා මහසෙන් රජතුමා තැනවූ ජේතවන දාගැබ එසේ විකාශනය වූ චෛත්‍යයන්ය. රුවන්මැලි සෑය මහා සෑය නමින් ද හඳුන්වති. ඊට හේතුව වැඩිම සර්වඥ ධාතූන් වහන්සේ, එනම් ද්‍රෝණයක් ධාතූන් වහන්සේ නිදන් කොට තැනවීම නිසා ය.  
පසු කලක විශාල චෛත්‍ය ඉදිකිරීම වෙනුවට චෛත්‍යයට අදාළ විවිධ අංග වඩාත් අලංකාර අයුරින් තනවන ලදී. වාහල්කඩ, පේසා වළලු, හතරැස් කොටුව, දේවතා කොටුව, කොත් කැරැල්ල, කොරවක්ගල සහ සඳකඩ පහණ එසේ වරින් වර වෙනස්වීම් වලට ලක්විය. කනිට්ඨතිස්ස රජු අභයගිරියට වාහල්කඩ සතරක් ඉඳිකළ බවක් සෙල් ලිපියක සඳහන් වේ. ගජබා රජුද මීටම වාහල්කඩ සතරක් ඉඳි කළ බව සඳහන් වේ. මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ පැරැණිම වාහල්කඩක් ඒ තත්ත්වයෙන්ම දැකිය හැකි ය. චෛත්‍යයක ඇති ප්‍රධාන අංගවල යම්කිසි අර්ථයක් ගැබ්වී ඇත

පදනම – අසූහාර දහසක් ධර්මස්කන්ධය
පේසාවළලු තුන – ත්‍රිවිධ රත්නය
ගර්භය - සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම
හතරැස් කොටුව - චතුරාර්ය සත්‍යය
දේවතා කොටුව - දිව්‍ය ලෝක
කොත් කැරැල්ල – නවාංග සත්ථු ශාසනය
කොත – නිර්වාණය මේ හැර චෛත්‍යයක තිබිය යුතු උපාංග කීහිපයක් ද වෙයි. 1. සලපතල මළුව
2. වැලි මළුව
3. වැලි මළුවේ ප්‍රාකාරය
4. ආයක (වාහල්කඩ)
5. පාද්‍රෝණි 6. තොරණ
7. කොරවක්ගල්
8. හත්ථි ප්‍රාකාරය
9. ථූපඝර
10. කැටයම්


මේ සෑම උපාංගයක්ම සෑම චෛත්‍යයකම අඩංගු නොවේ. මේ උපාංග සියල්ලක්ම අඩංගු එක් ස්ථූපයක් නොමැත. නිදසුන් වශයෙන් වාහල්කඩ සැම ස්ථූපයකම තිබී නැත. ථූපාරාමය හා ලංකාරාමය වැනි ස්ථූපවල නැති අතර රුවන්මැලි සෑය, අභයගිරිය හා ජේතවන දාගැබ්වල තිබී ඇත. එම උපාංගය ක්‍රි.ව. 02 වැනි සියවසේ දී එක්වී ඇති බව පෙනේ. ථූපඝරය ස්ථූපය ආවරණය කිරීමටත්, වන්දනාකරුවන්ගේ පහසුවටත් තනා ඇති අතර වසභ රජු ථූපාරාමයට පසු කලෙක ථූපඝරයක් තනා ඇත. විශාල චෛත්‍යඝර හෙවත් ථූපඝර ඉඳිකර නොමැත. ස්ථූප ප්‍රමාණය පිළිබඳ මූලධර්මවල ඒ ඒ ස්ථූප අංගවල තිබිය යුතු මිනුම් ප්‍රමාණ දැක්වේ. ඒ ප්‍රමාණ මූල ධර්ම අනුව චෛත්‍යයේ මුළු උස කොටස් 24 කට බෙදිය යුතු ය. එම උස පහත සඳහන් ආකාරයට බෙදාගත යුතු ය. පේසා වළලු සඳහා 5 1/2
ගර්භය සඳහා 8
හතරැස් කොටුව 2 1/2
නම් නොකළ අංගයකට 1 1/2 (දේවතාකොටුව විය හැක)
කොත් කැරැල්ල 6
ඡත්‍රය පිණිස 1/2 (පසු කාලයේ දී එක් වූ අංගයක්) මුලු ප්‍රමාණයෙන් 24 ශ්‍රී ලංකාවේ හා වෙනත් රටවල ඇති චෛත්‍ය විවිධ හැඩයෙන් යුක්තය. ප්‍රධාන වශයෙන්ම ස්ථූප වර්ග සය ආකාරයක් ඇති බව සලකයි. ඝණ්ටාකාර ඝටාකාරං - බුබ්බුලාකාර ධාන්‍යකං

පද්මාකාරාම්ල ෂට්විධං මේ පාලි පාඨය අනුව ස්ථූප වර්ග 6 ක් දැක්වේ. 1. ඝණ්ටාකාර
2. ඝටාකාර
3. බුබ්බුලාකාර
4. ධාන්‍යාකාර
5. පද්මාකාර
6. ආමලකාකාර   ඝණ්ටාකාර ඝණ්ටාවක හැඩය ඇති චෛත්‍යයයි. ක්‍රි.ව. 08 – 10 සියවස්වල ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රකටව තිබූ චෛත්‍ය වර්ගයයි. ශ්‍රී ලංකාව, බුරුමය හා තායිලන්තය වැනි රටවල මේ චෛත්‍ය වඩාත් ජනපි‍්‍රය වේ. දැනට ඇති බොහෝ චෛත්‍ය මේ ගණයට අයත් වේ.මහියංගණ දා ගැබ, ථූපාරාමය, අම්බස්ථල චෛත්‍යය හා ලංකාරාමය එවැනි චෛත්‍ය කිහිපයකි.   ඝටාකාර කළයක හැඩයෙන් යුත් චෛත්‍යයයි. මේ හැඩයෙන් යුත් ධාතු කරඬුවක් වයඹ පළාතේ නිකවෑකන්ද නම් ස්ථානයෙන් සොයාගෙන ඇත. යටාල වෙහෙරද කලින් මේ හැඩයෙන් තිබී ඇතැයි සැලකේ. කතරගම කිරි වෙහෙර සෝමාවතී චෛත්‍යය, සිතුල් පව් දාගැබ සහ මඟුල් මහ වෙහෙර මුලින් ඝටාකාර හැඩයෙන් තිබෙන්නට ඇතැයි සැලකේ.   බුබ්බුලාකාර දිය බුබුලක හැඩයෙන් යුත් චෛත්‍යයි. මේ වර්ගයේ චෛත්‍යයද බෙහෙවින් දක්නට ලැබේ. රුවන්මැලි සෑය, අභයගිරිය, ජේතවන දාගැබ, පොළොන්නරු, කිරි වෙහෙර, කතරගම කිරි වෙහෙර, රන් කොත් වෙහෙර, මිරිසවැටිය සහ තිස්සමහාරාමය ඊට උදාහරණයන්ය.   ධාන්‍යාකාර ධාන්‍ය ගොඩක හැඩයෙන් යුත් චෛත්‍යයයි. ථූපාරාමය මුලින් තිබී ඇත්තේ මේ හැඩයටය. දැනට ඇති මේ හැඩයෙන් යුත් එකම දාගැබ කැලණි චෛත්‍යයයි. උතුරු මැද පළාතේ ඔත්තප්පුවෙන් මෙවැනි දාගැබක නටබුන් සොයාගෙන ඇත.   පද්මාකාර නෙළුම් මලක හැඩයෙන් යුත් චෛත්‍යයයි. දැනට මෙවැනි චෛත්‍ය ශ්‍රී ලංකාවේ නොමැත. දැදිගම කොට වෙහෙරෙහි ධාතු ගර්භයකින් මෙවැනි කරඬුවක් ලැබී ඇත. පොළොන්නරුවේ දෙමළ මහා සෑය හා බුත්තල යුදඟනාවද එම වර්ගයට සමීප වේ.   ආමලකාකාර නෙල්ලි ගෙඩියක හැඩයෙන් යුත් චෛත්‍යයයි. ශ්‍රී ලංකාවෙන් නිදසුන් නැත. දෙවැනි අග්බෝ රජු ආමලක චේතිය නම් චෛත්‍යයක ඡත්‍රය කරවූ බව ථූප වංශයේ සඳහන් වේ. දැදිගම කොට වෙහෙරෙන් මෙවැනි හැඩයේ කරඬුවක් ලැබී ඇත. ලෝකයේ ඇති චෛත්‍ය අතර මීට අමතරව ද හැඩයන් වර්ග කිහිපයක් දක්නට ඇත.   පලාණ්ඩවාකාර ළූනු ගෙඩියක හැඩයෙන් යුත් චෛත්‍යයයි. නැදිගම්පල චෛත්‍යය මේ වර්ගයට අයත් යැයි සැලකේ.   අණ්ඩාකාර බිත්තරයක හැඩයක් ඇති ස්ථූපයයි. රුවන්මැලි සෑයෙන් ලැබුණු කරඬුවක මෙවැනි හැඩයක් ඇත. ඉඳිකටු සෑයේ මේ හැඩයට ආසන්න හැඩයක් ඇත.   චතුරශ්‍රාකාර මහායාන රටවල ඇති පැගෝඩා මීට නිදසුන් වේ. පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදයද ඊට උදාහරණයකි.   අෂ්ටශ්‍රාකාර අටපට්ටම් හැඩයයි. අනුරාධපුර ප්‍රාචීන පබ්බත විහාරයේ චෛත්‍ය මේ වර්ගයට අයත් යැයි සැලකේ.   සිලිණ්ඩරාකාර දඹදිව කුසිනාරා නුවර පරිනිර්වාණ චෛත්‍යය මීට නිදසුනකි. කුඩුම්බිලද මෙවැනි චෛත්‍යයක් ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ජාතුවංගොඩ දම්සක් විහාර මන්දිරයේ ද මෙබඳු හැඩයේ චෛත්‍යයක් ඇත.  
  ශ්‍රී ලංකාවේ ප්‍රධාන චෛත්‍යය කිහිපයක් පිළිබඳ හැඳින්වීමක් මෙසේ දක්වමු.   ථූපාරාමය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලදී. උස අඩි 55 කි. අම්බස්ථල චෛත්‍ය - උත්තිය රජු විසින් කරවන්නට යෙදුණි. මිරිසවැටි දාගැබ - දුටුගැමුණු රජු විසින් කරවන ලද මේ චෛත්‍යය මුලදී අඩි 200 ක් උසට තිබී ඇත. රුවන්මැලි සෑය - දුටුගැමුණු රජු විසිනි. උස අඩි 300 කි. අභයගිරි දාගැබ - වළගම්බා රජු විසිනි. උස අඩි 350 කි. ජේතවන දාගැබ - මහසෙන් රජු විසින් කරවන්නට යෙදුණි. දැනට උස අඩි 232 කි. මුලින් අඩි 400 ක් තිබී ඇත. කිරි වෙහෙර (පොළොන්නරුව) - පරාක්‍රමබාහු රාජ බිසව භද්‍රාවතී දේවිය විසින් කරවන ලදී. පබළු වෙහෙර (පොළොන්නරුව) – රූපාවතී බිසව විසිනි. රන් කොත් වෙහෙර (පොළොන්නරුවේ රුවන්මැලි සෑය) - නිශ්ශංක මල්ල රජු විසිනි. උස අඩි 186 කි. මහියංගණය - බුදුන් වහන්සේගේ කේශධාතු තැන්පත් කොට සම දෙවියන් සත් රියන් උසට තනා ඇත. සරභූ මහරහතන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේගේ ගි‍්‍රවා ධාතුව තැන්පත් කොට 12 රියන් උසට තනා ඇත. උද්ධ චූලාභය රජු 30 රියන් උසටත්, දුටුගැමුණු රජු 80 රියන් කොටත් තනා ඇත. ගිරිහඬු සෑය - බුදුන්වහන්සේගේ කේශ ධාතු තැන්පත් කොට තපස්සු, භල්ලුක වෙළෙඳ සොයුරන් විසින් තැනූ බව විශ්වාස කරති. ලංකාරාමය - වළගම්බා රජු විසිනි. කැලණිය - යටාලතිස්ස රජු විසිනි. තිස්සමහාරාමය - යටාලතිස්ස, ගෝඨාභය (මාගම) යන රජවරුන් තනවා ඇති අතර කාවන්තිස්ස රජු විශාල කර ඇත. සේල චෛත්‍යය - ලංජතිස්ස රජ විසිනි. කතරගම කිරි වෙහෙර - මහසෙන් රජ විසිනි. යටාල දාගැබ - මහානාග රජු විසින් කරවන්නට යෙදුණි. දීඝවාපි චෛත්‍යය - සද්ධාතිස්ස රජු විසිනි. කණ්ඨක චෛත්‍යය - ලංජතිස්ස රජු විසින් කරවන ලදී. යුදඟනාව - රත්නාවලී බිසව විසිනි.

බුදුසරණ අන්තර්ජාල කලාපය

Saturday, August 25, 2012

සිත් නිවන රැස්වෙහෙර


දේවානම්පියතිස්‌ස රජු විසින් ශ්‍රී මහා බෝධිය වැඩම කිරීමේ පසු හටගත් දෙතිස්‌ ඵල බෝධින් ලංකාව පුරා රෝපණය කර ඇත. එසේ වැඩම කරවන ලද බෝධින් වහන්සේ නමක්‌ මෙම රැස්‌වෙහෙර පුරාණ විහාරස්‌ථාන භූමියේ රෝපණය කිරීමේදී රැස්‌ විහිදීම නිසා රැස්‌වෙහෙර යනුවෙන් ව්‍යවහාරයට පත්වූ බවටද විශ්වාසයක්‌ ඇත.
පවතින තවත් ජනප්‍රවාදයක්‌ වන්නේ මෙහි පිහිටි හිටි පිළිමය ගල ඇතුළට සැහැලා (හාරා) සැදූ නිසා සැහැලා කළ රුව බැවින් "සැස්‌සේරුව" යන නම පසුව භාවිත කළ බවයි.
ගල්ගමුවේ සිට ඇහැටුවැවට පැමිණීමෙන්ද, කුරුණෑගල, ඉබ්බාගමුවට පැමිණ මඩගල්ල පාර ඔස්‌සේ ගල්නෑව, අවුකන යන මාර්ගයෙන්ද රැස්‌වෙහෙර විහාරස්‌ථානයට පැමිණිය හැක.

මෙම විහාරයේ ඉතිහාසය ආරම්භ වන්නේ ක්‍රි.පූ. 3 වැනි සියවසේ සිටය. දේවානම්පියතිස්‌ස රජු සමයෙන් පසු වල්බිහිවී විනාශයට පත් රැස්‌වෙහෙර යළිත් පිරිසකර කර නැවත දියුණුවක්‌ ඇති වන්නේ වළගම්බා රජු සමයේදීය.
අතීතයේදී මෙම පුද බිමෙහි ලෙන් 99 ක්‌ පැවැති අතර කුඩා කන්ද සහ මහා කන්ද ලෙස හඳුන්වා තිබේ. බෙල් මහතාගේ වාර්තාවේදී මෙම විහාරයේ පුරාවිද්‍යාත්මක ස්‌ථාන පිළිබඳව සඳහන්ව පවතී. ලෙන් විහාරයක්‌ ලෙස ප්‍රකට මෙහි ක්‍රි.පූ. දෙවැනි හා පළමුවැනි සියවස්‌වලට අයත් සෙල්ලිපි 24 ක්‌ දක්‌නට ලැබේ. මුල් කාලයේදී මෙම ලෙන් විහාරවල රහතන් වහන්සේලා වැඩ සිටි අතර පසුව විහාරාරාම බවට පත්වූ බව පෙනේ. මෙම ලෙන් අතරින් එක්‌ ලෙනක්‌ වළගම්බා රාජ්‍ය සමයට අයත් බව පෙනේ.
මෙම විහාරයේ පුනර්ජීවයක්‌ ඇතිවන්නේ මහනුවර රාජධානි සමයේදීය. නායක්‌කාරවරයකු ලෙස බලයට පත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.. 1747-1982) විසින් ජරාවාසයට පත්ව තිබූ මෙම විහාරය නැවත පිළිසකර කර ඇත.
රැස්‌වෙහෙර විහාරස්‌ථානයේ සිත් නිවන ප්‍රධානතම අපූර්ව නිර්මාණය වන්නේ සුවිසල් ගල්තලාවක නෙලන ලද අඩි 38 ක්‌ සහ අඟල් 10 ක්‌ උස හිටි පිළිම වහන්සේය. සුප්‍රකට අව්කන බුදු පිළිමය හා බෙහෙවින් සමානකමක්‌ ඇති රැස්‌වෙහෙරේ මේ බුදුපිළිමය පිළිබඳව ගෙතී ඇති ජනප්‍රවාද රැසකි.
ඉතිහාස කරුණු අනුව කිව හැක්‌කේ මේ ප්‍රතිමා වහන්සේ මහසෙන් රජුගේ කාලයේ කළ බවයි. ක්‍රි.. 247 දී පමණ මෙම ප්‍රතිමාව අභයගිරි පාර්ශ්වයේ ස්‌වාමින් වහන්සේ නමකගේ උපදෙස්‌ අනුව නිර්මාණය කර ඇත. මෙම පිළිමයේ ඇත්තේ මහායාන ලක්‌ෂණය.
පිළිමයේ සිවුරු අතරින් බුදුන්ගේ පහළ කොටස විනිවිද පෙනෙන අයුරින් නිර්මාණය කර තිබීමෙන් ප්‍රතිමාවෙන් දිස්‌වන්නේ අභය මුද්‍රdවයි.

කෙසේ වුවත් මෙම පිළිsමය අව්කන පිලිමයට වඩා අඟල් 6 ක්‌ උසය. අව්කන පිළිමය අඩි 38 යි අඟල් 4 කි.
මෙම පිළිමයේ වැඩ නිම කිරීමට පෙර මහසෙන් රජු මියගොස්‌ ඇත. ඉන්පසු රජ බවට පැමිණි මේඝවර්ණ රජු මෙම පිළිමය ඉදිකර නොමැත. ඊට හේතුව වී ඇත්තේ තම පියා මහායානය වැළඳගත් නිසා විය හැකිය.
ලංකාවේ පැරැණි හිටි පිළිමය ලෙස නම් කළ හැකි රැස්‌වෙහෙරේ මේ පිළිම වහන්සේගේ දකුණු කණ නිර්මාණය කර අවසන් කර නොමැත. මෙයින් හැඟවෙන්නේ ප්‍රතිමාව නිර්මාණය කිරීම අතරමඟ නැවතී ඇති බවයි.
එමෙන්ම අව්කන බුදුපිළිමය පියුම් මත බුදුන්වහන්සේ වැඩ සිටින ආකාරය දක්‌නට ඇතත් සැස්‌සේරුව පිළිමයේ එම පියුම් දක්‌නට නොමැත.

ඊට අමතරව සත් පිළිම විහාරය මහා විහාරය දක්‌නට ලැබේ. විශේෂයෙන්ම මහා විහාරයේ මුල් යුගයට අයත් සඳකඩපහණ සහ කොරවක්‌ගල් පවතී. ලෙන ඉදිරියේ මහනුවර යුගයට අයත් ආලින්දයකි. මෙම විහාරයෙහි ඇතුළත මීටර් 12 ක්‌ පමණ දිගැති සැතපෙන බුදුපිළිමයක්‌ වේ. ඊට අමතරව හිඳි පිළිම සහ දේව රූපද දක්‌නට ලැබේ.
මෙම විහාර අභ්‍යන්තරයේ කුඩා චෛත්‍යයක්‌ද දක්‌නට ඇත. විශේෂයෙන්ම මහනුවර යුගයේ පිළිම නෙලීමේදී හිසට ඉහළින් මකර තොරණ නිරූපණය කිරීම මෙහිදී දක්‌නට ලැබේ. මහනුවර යුගයට අයත් අගනා චිත්‍රයක්‌ද මෙහි විදහා පෙන්වා තිබේ.

Friday, August 24, 2012

අසිරිමත් සිතුල්පව්ව


ගමෙක හෝ ආරණ්‍යයක හෝ වළෙක හෝ ගොඩෙක හෝ වෙන කොයි යම් තැනක හෝ රහතන් වහන්සේ වැඩ වෙසෙන්නේ නම් භූමිය රමණීයයි. සිත්කළුයි. සුන්දරයි.”
ධම්ම පදයේ සඳහන් ගාථාවකින් හෙළිවන පරිදි යම් භූමියක් යථාර්ථයෙන්ම රමණීය වන්නේ රහතන් වහන්සේ වැඩ වෙසෙන බැවිනි. රාග ද්වේෂ මෝහ යන කිලිටි සහිත ලෝකය ඉක්මවූ ලෝකෝත්තර සුවයට පත්වූ මහරහතන් පරපුර රැකගෙන බුදු සසුනේ සැබෑ පණිවුඩය අනාගතයට ගෙන යාමට සුදුසුම තෝතැන්න හෙවත් කෙම්බිම අපට වස්තුවක් වූ සිතුල් පව්වයි.
රමණීයානි අරඤ්ඤාති
සත්ථ රමනී ජනො
චීත රාගා රමෙසසන්තී
තෙ කාම ගවෙසනො (අරහත්ත වග්ග ධම්ම පදය)
සිත් අලවන යම් අරණෙක් හි ලෞකික ජනතෙම සිත් නොඅලවන්නේද රහත්හු එහි ඇලෙන්නාහුය. රහත්හු කාමයන් නොසොයන බැවිනි. මෙහිදී දැක්වෙන චිතරාගී රමණීයත්වය දැකිය හැක්කේ එබඳුම තම ඇතුළත පිරිසුදුව පවත්වාගෙන යන ජනතාවකට .
මනුෂ්‍යත්වයේ අති උත්තරීතර පණිවුඩය නම් ප‍්‍රඥා ලෝකයෙන් සැබෑ තත්ත්වය දැක දුකින් නිදහස්ව විමුක්ති සුවයෙන් කල් ගෙවීමයි.
ඉපදීම, ලෙඩවීම, ජරාව, මරණය සහ සතර අපාගත තත්ත්වයෙන් මිදී අමරණීය නිවන් අවබෝධයටම යොමු කෙරෙන බණ භාවනා දාන මාන ශීල සමාධි ප‍්‍රඥා ගෝචර වූ දිවි පෙවෙතකින් බැවින් සිතුල් පව්ව එබඳු සමාජයක් නිර්මාණයට කැපවුණු අරහත් භූමියකි.
මහාවංශයට අනුව සිතුල්පව් විහාරය කරවන ලද්දේ රුහුණු පාලකයා වූ කාවන්තිස්ස රජතුමා විසිනි. කි‍්‍රස්තු පූර්ව වර්ෂ 161 පෙරදිය.
මෙම රජු විසින් කරවන ලද මහනුග්ගල නම් චෛත්‍යය වැඩ නිමවීමේ උත්සවයට සිතුල්පව් විහාරයෙන් දොළොස් දහසක් භික්ෂූන් සහභාගි වූ බවත්, වලගම්බා රජු කාලයේ එනම් කි‍්‍රස්තු පූර්ව 89 – 77 අතරතුර සිදුවූ බැමිනිටියා සාය නම් නියඟය නිසා එම භික්ෂූන් වහන්සේ පිරිනිවන් පෑ බවත් සඳහන් වේ.
මේ අනුව රහතුන් වහන්සේලා වැඩ සිටි සිතුල්පව් විහාරයට ජර බැහැර ප‍්‍රදේශවල සිට මිනිසුන් පැමිණ, පළමුවෙනි දින සිතුල්පව් විහාරයේම ගතකොට දෙවැනි දිනයේ ගෙවල් බලා ගිය බවද සඳහන් තොරතුරුවලින් පෙනෙන්නේ විහාරස්ථානය තුළ විශාල වශයෙන් රැස්වී බණ ඇසීමට, භාවනානුයෝගීව සිටීමට හා ධර්ම සිහියෙන් යුතුව කාලය ගතකිරීමට පහසුකම් තිබුණු බවයි.
ආර්ය මාර්ගයට එළඹි අර්හත් ඵල සමවත් සුවයෙන් සිටි භික්ෂූන් වහන්සේලාගෙන් ධර්ම ශ‍්‍රවණය කිරීමෙන්, සාමාන්‍ය ජනතාව සත්‍යාවබෝධයට පත්ව සාර්ථක ගෘහ ජීවිත ගත කළ බව නොරහසකි.
යෝධ නිර්මාණ, කලා කෘති මහා චෛත්‍යය, ගල් ගෙවල්, කළුගලින් නිමවන ලද යෝද විහාර කෘතීන් කිරීමට මෙන්ම, චිත්ත ධෛර්යයෙන් යුතුව කෘෂිකාර්මික හා ගෘහ කටයුතුවල යෙදීමට අවශ්‍ය පන්නරය දීමේ යෝධ සමාජ සද්කාර්යයට සිතුල්පව් විහාරයෙන් ලැබූ අනුබලය අපමණ .
සිතුල් පව්ව කවදත් අතොරක් නැතිව භික්ෂූන්ගෙන් පිරී තිබුණු බව විසුද්ධ මග්ගයේ ප‍්‍රපඤච සුදනිය නම් ග‍්‍රන්ථවල සඳහන් . විතරාගී, යථාවබෝධයට පත් පාරිශුද්ධ දිවි පැවැත්ම සියැසින් දුටු අපගේ පැරණි හෙළ විරුවන්ගේ අරුමය වර්තමාන සමාජයට ආදර්ශයකි.
මහසෙන් රජු සමයේදී (කි‍්‍ර. . 274 – 301) බුද්ධ ශාසනයට වූ අවැඩ දුටු සිතුල්පව් වාසී භික්ෂූන් වහන්සේ නමක් රාක්‍ෂ වේශයක් මවාගෙන බුදු සසුන රැකගැනීමට කටයුතු කළ පුවතක් සඳහන් .
සිතුල්පව් වාසී ස්වාමීන් වහන්සේගේ අධ්‍යාත්මික බලය චිත්ත ශක්තිය ආශ්චර්යමත්ය. විසුදවි මාර්ගය, මනෝරථ පූරණිය, සුමංගල විලාසිනිය සම්මෝහ විනෝදනි වැනි අටුවා ග‍්‍රන්ථවල දැක්වෙන්නේ ධර්මධර විනයධර ශික්‍ෂාකාමී රහත්ගුණවලින් යුත් භික්ෂූන් වැඩ සිටි බවයි.
එදා ලංකාවේ ධර්ම දේශක ස්වාමින් වහන්සේ පවා සිතුල්පව්ව ආශ‍්‍රයෙන් ඇති වූ බව පෙනේ. ධම්ම දින්නා මහරහතන් වහන්සේ එවැනි උත්තමයෙකි.
දුටුගැමුණු රජු කල වැඩ සිටි අන්තිම මහරහත් නම යැයි අදහස් කරන මලියදේව මහරහතුන් වහන්සේ ඡජක්ක සූත‍්‍රය දේශනා කළ විට හැට නමක් රහත් වූ බව සඳහන් .
සම්මෝහ විනෝදනියේ එන කථාවකට අනුව සිතුල් පව්වේ භාවනා කරන ස්ථාන වෙන වෙනම තිබූ බව සඳහන් . ඒවා භාරව භික්ෂූන් වහන්සේ රැසක් වැඩ සිටි බව කියවේ.
පීත කසීණය වැඩූ චිත්ත ගුත්ත තෙරුන් වහන්සේ දෙබිඩිගෙය විසූ චිත‍්‍ර තෙරුන් වහන්සේ දෙනම ධෛර්යය උපදවා රහත් ඵලයට පත්වූ බව සඳහන් . නොයෙක් පළාත් වලින් සිතුල් පව්වට බොහෝ දෙනා පැමිණියේ ධර්ම ශ‍්‍රවණය කිරීමටය.
එසේ පැමිණෙන අයට නවාතැන් පහසුකම්වලින් යුත් එදා සිතුල් පව්ව කොතරම් පහසුකම්වලින් යුත් ලංකාවේ ප‍්‍රධානම විහාරයක් වූවාදැයි සිතා ගත හැකිය.
එසේ පැමිණ බණ අසද්දී තම පුත‍්‍රයා සර්පයෙකු දෂ්ට කර ඇති බවත් සත්‍ය කි‍්‍රයා බලයෙන් සුවපත් කර ගැනීමට මවට හැකි වූ බව මනෝරථ පූරණි අටුවාවේ සඳහන් .
මෙම ධර්මයේ සත්‍ය බලය පිළිබඳව නූතන විද්වතුන්ගේ ඇසට ලක්විය යුතු කාලය එළඹ ඇත. භික්ෂූන් වහන්සේලා පමණක් නොව භික්ෂූණීන් වහන්සේලා සිතුල්පව්ව වැඩි බවට සාක්‍ෂි ඇත.
සමන්ත පාසාදිකාවේ සඳහන් වන්නේ (86 පිටුව) එක එක දොරටුවකින් ඇතුළු විය හැකි දාන ශාලා හතරක් තිබූ බවයි. එදා සිතුල්පව්වේ වැඩ සිටි භික්ෂූන් වහන්සේලාගේ ප‍්‍රමාණය පිළිබඳවත් සංඝාවාසයේ විශාලත්වය ගැනත් සිතා ගැනීමට එය කදිම සාක්‍ෂියකි.
කරුණාරත්න ඉලේපෙරුම