Saturday, April 27, 2013

ගෝධික මහා රහතන්වහන්සේ..




බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවෙසෙන කාලය තුළ උන්වහන්සේ ළඟ මහණ වී වීර්යයෙන් භාවනා කළ හිමිනමක් විය. හෙතෙම “ගෝධික” නමින් ප්‍රකට වූ උන්වහන්සේ වීර්යාධිකව බණ භාවනාවෙහි යෙදී කටයුතු කළහ.

... උන්වහන්සේ බණ භාවනා කිරීමෙන් ධ්‍යාන උපදවා ගනු ලැබූහ. නමුත් එම තත්ත්වය දිගට රැකගත නොහැකි විය. ධ්‍යානයෙන් පිරිහී ගියේය. එම නිසා කළකිරීමට පත් උන්වහන්සේ වීර්යය අත්හලේ නැත. නැවතද භාවනා කරමින් තමන්ගේ සිත සමාධි ගත කරගැනීමට උත්සාහ ගත්හ.එසේඑමඋත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් නැවත වරක් උන්වහන්සේ ධ්‍යානලබාගනු ලැබූහ. ටික දිනකින් එයත් පිරිහී ගියේය. මේ අයුරෙන් වරින්වරසියඋත්සාහයෙන්ම වීර්යාධිකව කටයුතු කළ නිසා ධ්‍යානලබාගැනීමට සමත් වුවත්, ඒවා එලෙසින්ම රදාපවත්වා ගැනීමට උන්වහන්සේ අසමත්විය.හයවනවරදක්වාද ධ්‍යානලබාගත්තත් නොබෝ දිනකින්ම ධ්‍යානයෙන් පිරිහී ගියේය. “ගෝධික” හාමුදුරුවෝ කල්පනා කරනු ලැබුයේ ධ්‍යානලබාසිටියදීම අපවත්වීම පිළිබඳවයි. එසේ වුවහොත් ඊළඟ භවයේ තමන්ටහොඳඋපතක්ලැබෙනනිසානමුත්ධ්‍යානභාවනාවන්හි සිත රඳවා තබාගැනීමට නොහැකි වීම නිසා ධ්‍යානවලින් පිරිහීයයි. කෙසේ හෝ සිය අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට කල්පනා කළ උන්වහන්සේ නැවතත් වීර්යයෙන් යුතුවධ්‍යානයට සමවැද ධ්‍යාන ලබාගත්හ. උන්වහන්සේ කල්පනා කළේ නැවතත් මෙය පිරිහෙන්නට නොදී ධ්‍යාන ලබාසිටියදීම තමා අපවත්වන්නටයි. එම තීරණයඅනුවභාවනාවට සමවැදී වේදනානුපස්සනාවද අරමුණු කරගෙනතමන්විසින්ම තමන්ගේ ගෙල සිද ගත්තේය. ගෙල සිදීයන විටම භාවනාවෙහි සිත රඳවාගෙන සිටි නිසා උන්වහන්සේ අරහත්භාවයටපත්විය.ගෝධිකහිමියන් රහත් භාවයටපත්වූබවදන්නේඋන්වහන්සේ පමණි.භික්‍ෂුන්වහන්සේ නමක් ගෙළ සිඳගෙන අපවත්වී ඇතැයි යන රාවයක්ද ප්‍රදේශය පුරා පැතිරගියේය.

ගෝධික හිමියන් පිළිබඳව කරුණුකාරණා සොයාබැලූ වසවර්ති මාරයාට උන්වහන්සේ ඊළඟ භවයෙහි උපත ලැබූ ස්ථානය සොයා ගැනීමට නොහැකි විය. විමසිලිමත් වූ වසවර්ති මාරයාසියහැකියාවන් සියල්ල උපයෝගි කරගනිමින් ගෝධිකහිමියන් අපවත්වීමෙන් පසු නැවත උත්පත්තිය ලැබූ තැන සොයා බලන්නට විය. ඒත් මාර දිව්‍යපුත්‍රයාට උන්වහන්සේ උපත ලැබූ ස්ථානය කුමක්ද? යන්න සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

වසවර්ති මාර තෙමේ අන්‍යවේශයක් මවාගෙන වීණාවක්ද අතින්ගෙනබුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් කිසිවක් නොදන්නා කෙනකුමෙන්බුදුරජාණන් වහන්සේ ගෝධිකහාමුදුරුවන් කොහිදැයි විචාළේය. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වෙසක්මවාගෙන වීණාවක්ද අතින්ගෙන මේ පැමිණතිබෙන්නේ මාරයාම නේ දැයි හදුනාගෙන ගෝධිකහාමුදුරුවන් වහන්සේ පිළිබඳ සියලුසිද්ධි මාරයාට පැහැදිළි කර දුන්හ. ගෝධිකහිමියන් හයවන වරද ධ්‍යානභාවනාවලින්පිරිහී ගියද,උන්වහන්සේ වීර්යය අත්හරිනු ලැබුයේ නැත. හත්වනවරදධ්‍යානලබාවැඩිදුරටත් භාවනාවෙහි යෙදුණු උන්වහන්සේ තමන් වහන්සේ විසින්ම තමාගේහිසසිදගනු ලැබීය. එම අවස්ථාවේම උන්වහන්සේ පිරිනිවන් පෑහ. ධ්‍යානභාවනාඉක්මවා සියලුකෙළෙස් නැති කිරීමදක්වාඋන්වහන්සේගේ මනස දියුණු වී තිබුණනිසාමඅරහත්භාවයටපත්විය.“මාරයාරහත්වූකෙනකුසංසාරයේ කෙදිනකවත් නැවත උපතක්ලබන්නේ නැත. ගෝධිකහිමියන් ගැනද කිව යුත්තේ එයයි.උන්වහන්සේ උත්පත්තිය ලැබූ තැන සොයා විමසාබැලුවත් එය සොයා ගැනීමට නොහැකි වූයේ එම නිසාය. උන්වහන්සේට උපතක්නැත.”

සාමාන්‍යලෝකයේඋත්පත්තිය ලබන සෑම මනුෂ්‍යයකුමමරණින් පසු නැවතත් උපතක්ලබයි.මෙමදර්ශනය ඉදිරිපත් කරනු ලැබ ඇති ආගම අතර බුදු දහම ප්‍රධානවේ.නිවන්දකිනතුරු සංසාරයේ නැවත නැවත උපත ලබන බව උගන්වනු ලබන්නේ බුදුදහමෙහි පමණයි.අන්‍යකිසිදු ආගමක එබදු ඉගැන්වීමක් නැත.රහත්බවලැබීමවුවද,අපේබොහෝබෞද්ධයන් කල්පනා කරන්නේ සංසාරයේ ඉදිරියට තිබෙනඑකක්ලෙසයි. එනම් දෙවි මිනිස් සැප සම්පත් ලබා අවසානයේ නිවන්දැකීමපිළිබදවයි. මෙහිදී ගෝධිකහිමියෝ මේ භවයේදීම නිවන්දුටුහෙවත්අරහත්බවටපත්වූකෙනකුවශයෙන් දක්වාතිබේ.උන්වහන්සේ එම තත්වයට පත් වූයේ තමන් වහන්සේ තුළ පැවතිවීර්යාධික බව සහ අධිෂ්ඨාන ශීලි භාවය නිසාය.

සාමාන්‍යයෙන්රහතන්වහන්සේලා පිළිබඳව බෞද්ධසාහිත්‍යයෙන්අපබොහෝකරුණුකාරණාදැනගෙනතිබේ.නමුත්ගෝධිකහිමියන් පිළිබඳව සිද්ධිය ඒ සියල්ලටම වඩා වෙනස්,වෙනත්එකකි.උන්වහන්සේ ප්‍රාණඝාතයක් සිදුකර ගනිමින්ම අරහත්භාවයටපත්වතිබේ.ප්‍රාණඝාතය සිදුවූයේ හිමියන් රහත් බවට පත්වීමෙන් පසුවය. රහතන්වහන්සේ නමක් විසින් තමන්ගේම ප්‍රාණයඝාතනයකරගැනීමත් මෙහිදී දක්නටලැබේ.එනිසාම මෙය වෙනත්අනෙක්රහතන්වහන්සේලාගේ චරිත වලට වඩා වෙනස්එකකි.

කවුරුන් කළත් අකුසලය අකුසලය ලෙසම බුදුදහම දක්වයි. නමුත්මෙහිදී ගෝධිකහිමියන් වෙනුවෙන් ප්‍රාණඝාතයේ අකුසලවිපාකයක් ලැබෙන්නේ නැත. එයට හේතුවඅකුසලයේ විපාකදීමටකාලයසහඅවකාශය හරස්වීමය. ගෝධික රහතන්වහන්සේ ගේ නැවත උත්පත්තියත් සිදුනොවීමය. බෞද්ධසාහිත්‍යතුළමෙබදුගැටලුසහගතසාමාන්‍යපෘථග්ජන ඤාණයටහසුනොවන ධර්ම විනිශ්චයක් ද සහිත අරහත්චරිතයගෝධිකහාමුදුරුවන්ගේය.

අප පිටුවේ පෙර පල කල ලිපි කියවන්න
පිවිසෙන්න https://www.facebook.com/dharmadhanan

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා..තෙරුවන් සරණයි..