Sunday, August 10, 2014









 



විපස්සිස්ස නමත්ථු - චක්ඛුමන්තස්ස සිරීමතෝ
සිඛිස්සපි නමත්ථු - සබ්බභූතානුකම්පිනෝ

වෙස්සභුස්ස නමත්ථු - නහාතකස්ස තපස්සිනෝ
නමත්ථු කකුසන්ධස්ස - මාරසේනාපමද්දිනෝ

කෝණාගමනස්ස නමත්ථු - බ්‍රාහ්මණස්ස වුසීමතෝ
කස්සපස්ස නමත්ථු - විප්පමුත්තස්ස සබ්බධී

අංගීරසස්ස නමත්ථු - සක්‍යපුත්තස්ස සිරීමතෝ
යෝ ඉමං ධම්මමදේසේසී - සබ්බදුක්ඛාපනූදනං

යේ චාපි නිබ්බුතා ලෝකේ - යථාභූතං විපස්සිසුං
තේ ජනා අපිසුණා - මහන්තා වීතසාරදා

හිතං දේවමනුස්සානං - යං නමස්සන්ති ගෝතමං
විජ්ජාචරණසම්පන්නං - මහන්තං වීතසාරදං
විජ්ජාචරණසම්පන්නං - බුද්ධං වන්දාම ගෝතමං


සිංහල තේරුම

සදහම් ඇස් ඇති - සොඳුරු සිරිය ඇති
විපස්සී බුදුරජාණන් හට - නමස්කාර වේවා
සියළු සතුන් හට - අනුකම්පා ඇති
සිඛී බුදුරජාණන් හට - නමස්කාර වේවා                                  

සියළු කෙලෙස් නැති - වෙර වීරිය ඇති
වෙස්සභූ බුදුරජාණන් හට - නමස්කාර වේවා
දස මර සේනා - ඔද තෙද බිඳ හළ
කකුසඳ බුදුරජාණන් හට - නමස්කාර වේවා
කෙලෙස් බැහැර කළ - බඹසර නිම කළ
කෝණාගමන බුදුරජාණන් හට - නමස්කාර වේවා
හැම කෙලෙසුන්ගෙන් - හොඳින් මිදී ගිය
කස්සප බුදුරජාණන් හට - නමස්කාර වේවා

ලොවේ සියලූ දුක් - මැනවින් දුරු වන
මේ සිරි සදහම් පවසා වදහළ - යම් කෙනෙකුන් වෙද
සොඳුරු සිරිය ඇති - ශාක්‍ය පුත්‍ර වූ
අංගීරස වූ අප ගේ ගෞතම බුදු සමිඳුන් හට නමස්කාර වේවා

ඒ බුදුවරු ලොව - නිවනට වැඩි සේක් ම ය
හැම දේ ගැන සැබෑ තත්වය - විදසුන් කළ සේක් ම ය
ඒ නරෝත්තමයන් වහන්සේලා - පිසුණු බස් නො පවසත් ම ය
මහානුභාව සම්පන්න ම ය - සසර බිය නැති සේක් ම ය

දෙවි මිනිසුන් හට - හිත සුව සලසන
ගෞතම නම් වූ - විජ්ජාචරණ සම්පන්න වූ
මහානුභාව සම්පන්න වූ - හැම බියෙන් නිදහස් වූ
බුදු රජාණන් වහන්සේට - දෙවි මිනිසුන් නමස්කාර කරන්නාහු ය
ගෞතම නම් වූ විජ්ජාචරණ සම්පන්න වූ
ඒ බුදු රජාණන් වහන්සේට - අප ගේ නමස්කාරය වේවා
                                      
සාදු ! සාදු ! සාදු !..

ඔබත් දිනපතා මෙම කල්ප සියය ඇතුලත ලොව පහළවූ සත්බුදු රජානන් වහන්සේලා වන්දනා කර ඔබේ වැඩකටයුතු අරබන්න.  

තෙරුවන් සරණයි!

https://www.facebook.com/dharmadhanan/photos/pb.536800879682956.-2207520000.1407723796./853862534643454/?type=3&theater