Wednesday, August 15, 2012

වල්ලිපුරම් රන් සන්නස



මීට වසර දෙදහස් ගනණකට එපිටදී යාපනය ප්‍රදේශය එකම සිංහල රජකු යටතේ පැවති බවට යාපනය අර්ධද්වීපයෙන් ලැබුනු පුරාවිද්‍යා සාක්ෂියයි.වඩමාරච්චි ප්‍රදේශයේ පිහිටි දේවාලයක් අලුත්වැඩියා කිරීමේදී මෙම සන්නස හමුවී තිබේ.සන්නස, ක්‍රිස්තුවර්ෂ පළමුවන ශතවර්ෂයේ අග භාගයට අයත් යැයි සැලකේ.බ්‍රහ්මීය අක්ෂර වලින් පහත වගන්ති ලියා ඇත.

"සිට් මහරජ වහයහ අමිති ඉසිගිරියෙ නකදිව බුජමිනි ඛදකර අතනෙහි පියගුකතිස විහර කරිති"

මෙහි අර්ථය වන්නේ

"යහපතක්ම වේවා,වසභ මහරජ රාජ්‍ය කරන කාලයේ නාගදීපය පාලනය කරන කරමින් සිටින ඉසගිරිය අමාත්‍යවරයා විසින් ඛදකර නම් ස්ථානයේ පියගුකතිස විහාරය කරවන ලදී"

මෙහි වැදගත්කම වන්නේ උතුරු නැගෙනහිර වෙනම පාලන තන්ත්‍රයන් ඉල්ලා සිටි හා සිටින අන්තවාදි කණ්ඩායම් වෙත දෙන පණිවිඩයයි.එනම් පුරා වසර දහස් ගනණක් මුළුල්ලේ සිට සකල ශ්‍රී ලංකාවතුල සෑම දෙසම සිංහලයන්ගේ වාසභූමිය ලෙස පැවති අතර එකම සිංහල රජකෙනකු විසින් පාලනය කර ඇති බවයි.

No comments:

Post a Comment